චම්පක පුම්බන ඉන්න හිතෙන රටේ ප්‍රචාරක වියදම මිලියන 560යි! ආබාධිත රණවිරුන්ට වසර 10ක් වැටුප් ගෙවීමට අවශ්‍ය මුදල මිලියන 533යි!

September 15, 2019 at 11:28 am | by emanisa.lk

ඇමති චම්පක රණවක විසින් සිය ප්‍රතිරූපය පුම්බා ගැනීමට ක්‍රියාත්මක කරන “ඉන්න හිතෙන රටක්” ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා මේ වන වැය කර ඇති මුදල මිලියන 560ක් බව වාර්තා වෙයි.

ආබාධිත රණවිරුවන් සියලු දෙනාට වයස 55 ඉක්මවූ පසු වැටුප ගෙවීමට තවත් වසර 10කට වැයවෙන මුදල රුපියල් මිලියන 533ක් බව ගණනය කර තිබේ.

ඒ අනුව පසුගිය මාස කිහිපය තුළ සිය අමාත්‍යංශයේ ඇති මහජන මුදල් යොදවමින් ඇමතිවරයා සිදුකරන දැවැන්ත ප්‍රචාරණ වියදමට වඩා අඩු වියදමකින් රට වෙනුවෙන් සටනට ගොස් ආබාධිත වූ සෙබළුන්ගේ වැටුප් ගැටලුව විසඳිය හැකිය.

එහෙත් අද ඒ රණවිරුවන්ට ඒ වෙනුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් මැසි මදුරු උවදුරු මැද නැවත සටනක් කිරීමට සිදුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස