පිටරට අනාථයන්ට නොමිලේ කන්න බොන්න දෙන රටේ ආබාධිත රණවිරුවෝ මහ පාරේ තෙමෙනවා! රණවිරුවන්ගේ දෙපා මුලට යනවා කී සජිත් මහත්තයෝ දැන් පිටකොටුවට එන්න! – මේජර් අජිත් ප්‍රසන්න

September 13, 2019 at 11:27 am | by emanisa.lk

රට දැය සුරකින්නට සටනට ගොස් ඇස් ඉස් මස් අත් පා පූජා කළ ආබධිත රණවිරුවන්ට අවුරුදු 55 සම්පූර්ණ වූ විට එතෙක් ලද වැටුපින් අඩකින් ජීවත් වන්නට සිදුව ඇතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.

මේ නිසා දරුවන්ට ඉගැන්වීම, දෙමාපියන්ට සැලකීම, ගමනක් විමනක් යෑම ආදී සියල්ල භාගෙට කරමින් භාගෙට ජීවත් වීමට සිදුව ඇතැයි එම සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න චෝදනා කරයි.

එහෙයින් ඒ ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් සම්පූර්ණ වැටුප ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින බවත් එය ඉතාම සාධාරණ ඉල්ලීම්ක බවත් ඔහු පවසයි.

රණවිරුවන්ගේ දෙපා මුලට ගොස් සේවය කරන බව පවසන ඇමති සජිත් ප්‍රේමදාසට හැකි නම් පිටකොටුවට ගොස් ඔවුන් මුණ ගැසෙන ලෙසත් පාර්ලිමේන්තුවේ ඔවුන් වෙනුවෙන් හඬ නඟන ලෙසත් ඔහු අභියෝග කළේය.

පිට රටින් එන අනාථයන්ට නොමිලේ කන්න බොන්න ඉඳුම් හිටුම් දෙන රටේ රට වෙනුවෙන් අත්පා පූජා කළ රණවිරුවන් වැස්සට තෙමෙන්නට ඉටි කොළ හට් එකත් ගලවා විසි කරන තැනට අසරණ කර ඇතැයි හෙතෙම චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස