මංගලගේ කුමන්ත්‍රණයට අනුව තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි හිටපු නාවික හමුදාපතිගෙන් පෙත්සමක්!

February 26, 2019 at 7:31 am | by admin

තරුණයින් කීප දෙනකු අත්අඩංගුවට ගෙන අතුරුදන් කිරීමේ සිද්ධියක් මත රහස් පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපත වසන්ත කරන්නාගොඩ ඊයේ (25 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

හිටපු හමුදාපතිවරයා සිය පෙත්සමෙන් කියා සිටින්නේ එම සිද්ධියට තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවත් තරුණයන් කීපදෙනකු පැහැරගෙන ගොස් ඇති බව තමාට දැන ගන්නට ලැබී ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස තමා මුලින්ම පොලිසියට පැමිණිල්ලක් කළ බවත්ය. තත්ත්වය එසේ තිබියදී නාවික හමුදා නිලධාරියකු ඇතුළු කීප දෙනකු තමාට එරෙහිව පැමිණිල්ලක් කළ බව ඔහු පෙත්සමේ සඳහන් කර ඇත.

පෙත්සමේ සඳහන් අන්දමට තරුණයින් පැහැර ගැනීම සිදු වී ඇත්තේ කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ත්‍රි‍විද හමුදාව සටන් මෙහෙය වූ 2008 වර්ෂයේදීය. මෙම පෙත්සමෙන් රහස් පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 05 ක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් පෙත්සම ගොනු කර තිබිණි.

හිටපු නාවික හමුදාපතිවරයකු වූ ට‍්‍රැටිස් සින්නයියා ද මෑතකදී එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට විරුද්ධව පැමිණිල්ලක් කර ඇති බවත් ඒ අනුව තමා අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙසේ හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇත්තේ නාවික හමුදාපතිවරයා ලෙස ඔහු කටයුතු කරන සමයේ නාවික ලේකම් ලෙස කටයුතු කළ රියල් අද්මිරාල් ශ්‍යාමල් ප්‍රනාන්දු ලබාදුන් කටඋත්තරයකට අනුව බව වාර්තා වේ. ඔහුට පසුගියදා මුදල් අමාත්‍ය මංගල සමරවීරට අයත් රේගුවේ අධ්‍යක්ෂ තනතුරද ලබාදීමට කටයුතු කළ අතර එහි සේවක විරෝධතාව හමුවේ එය වැළකිණි. 2015 ශ්‍රී ලංකාවට එරෙහි ජිනිවා යෝජනාවට සම අනුග්‍රහය දැක්වූයේ ද විදේශ ඇමති මංගල සමරවීරය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *