ජිනීවා යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට ජනපති සැරසෙයි!

February 24, 2019 at 2:27 pm | by admin

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට 2015 වසරේ ශ්‍රී ලංකාවේ සම අනුගග්‍රහය යටතේ ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස්කර ගැනීම පිළිබඳ සලකා බලන බව වාර්තා වෙයි. එවක විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මෙම යෝජනවට සම අනුග්‍රහය දැක්වීම මගින් ශ්‍රී ලංකා හමුදාව අවසාන ත්‍රස්ත ගැටුම් සමයේ යුද අපරාධ කළ බවත් මානව හිමිකම් කඩකළ බවත් පිළිගෙන ඇතැයි දෙමළ සන්ධාන නායකයෝ කියති.

අවසාන ගැටුම් සමයේ සිදුවූයේ යැයි කියන සිද්ධි පිළිබඳ සෙවීමට ජාත්‍යන්තර කණ්ඩායම්වල සහභාගීත්වයෙන් යුද අපරාධ අධිකරණයක් පිහිට විය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. මේ අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම යෝජනාවෙන් ලංකාවට ඉල්ලා අස්වීමට හැකි නම් තමා කැමති බව සහ ඒ පිළිබඳ සාකච්ඡාවක් ක්‍රියාත්මක බවය. මෙය 2015 සැප්තැම්බර් 20 වෙනිදා සිට ශ්‍රී ලංකා රජය දැරූ ආස්ථානය සපුරා වෙනස් වීමකි.

ශ්‍රී ලංකා හමුදා කිසිවිටක යුද අපරාධ නොකළ බවත් යුද අපරාධ කළේ කොටි සංවිධානය බවත් ජනාධිපතිවරයා පවසයි. ශ්‍රී ලංකා නියෝජිතයන් මෙම සමුළුව සඳහා සූදානම් බව ද එහි ගොස් සිය ස්ථාවරය පැහැදිලි කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ. ජනාධිපතිවරයා සන්ඩේ ටයිස්ම් පුවත්පතට මේ පිළිබඳ හෙළි කර ඇත.

මේ අතර දෙමළ සන්ධානය පසුගිය දිනවල ප්‍රකාශ කළේ වසර 10කට පසු ශ්‍රී ලංකාවේ අගමැතිවරයා මේ රටේ හමුදාව අතින් යුද අපරාධ සිදු වූයේ යැයි පිළිගැනීම අගය කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස