රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා වැටුප්/දීමනා! යෝජිත ජාතික ආණ්ඩුවට මම විරුද්ධයි!

February 4, 2019 at 4:47 am | by admin

ආරක්ෂක ආමාත්‍යාංශය යටතට මෑතකදී එක්වූ පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායේ යුද්ධය හේතුවෙන් ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත ද ජීවිතාන්ය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික නිදහස් උත්සවයේදි ජාතිය අමතමින් පැවැසීය. එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

“ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට මෙතෙක් නොහැකි වුණා. තව දුරටත් මන්දගාමී ආර්ථික වර්ධනයකට ජනතාව සූදානම් නෑ. ආර්ථික වර්ධනය සඳහ අධ්‍යාපනය 21 වැනි සියවසට ගැළපෙන ලෙස ස්ථාපිත කළ යුතුයි. නව ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.”

“ආර්ථික වර්ධනය අතින් 21 වැනි සියවසේදි ආසියාව ඉදිරියෙන් තිබෙන හෙයින් එහි වාසිය ඇති කර ගත යුතුයි. 2015 පිහිට වූ ජාතික ආණ්ඩුවෙන් බොහෝ දේ ලබාගත්තා. නොකළ යුතු දේ කළා. බලයට පත්වූ ආණ්ඩුව ජනතා අපේක්ෂාවෙන් ඉටු කළේ නෑ.”

“එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් සදාචාර සම්පන්න ද කියා මා අසනවා. යෝජිත ජාතික ආණ්ඩුවට මා තරයේ විරුද්ධයි. ඇමති මණ්ඩලය 25 දක්වා සීමා වීම ජනතාවගේ ප්‍රාර්ථනාවයි. ජාතික ආණ්ඩුවකට යන්නේ ඇමති මණ්ඩලය වැඩිකිරීමටයි.”

“රටේ ණය බර විරැකියාව වැඩිවෙලා ප්‍රශ්න මුහුකරා ගොස් තිබෙනවා. පළාත් සභා විසුරුවලා අවුරුද්දකට වැඩියි. පුනරාවන්තන හා ප්‍රාග්ධන වියදම් උඩුයටිකුරු කළ යුතුයි. පළාත් සභා කල් දැමීම ගැන NGO නිහඬයි.”

“පසුගිය වසර හතර තුළ භීෂණය නිමා කළත් දූෂණය නිමා කරන්න අපට බැරිවුණා. උතුරේ ජනතාව වෙත සාමය ළඟා වූයේ පසුගිය සිව් වසරේදීයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *