මහින්ද ගෝඨාගෙන් රණවිරුවන්ට පොරොන්දුවක්! සජිත් ගැටලුව කැබිනට්ටුවට කියන්න සූදානම්! රණවිරු සත්‍යග්‍රහය නිමයි!

September 30, 2019 at 2:24 pm | by emanisa.lk

යුද්ධයේදී ආබාධිත හා ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය ව්‍යාපාරය පැවැති ස්ථානයට හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැමිණියේය.

ඔවුන් සමග කෙටි සංවාදයකට එක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ තමන් කී දේ කරන බවත් ඒ අනුව රණවිරුවන්ගේ මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදෙන බවත්ය. ගෝඨාභය රාජපක්ෂ ද එම පොරොන්දුව මෙයට පෙර ලබා දුන්නේය.

අනතුරුව දින 20ක් තිස්සේ ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය සහ උපවාසය නතර කර දැමීමට එම පිරිස තීන්දු කළහ.

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එහි පැමිණ පවසා තිබුණේ හෙට කැබිනට් හමුවේ දී මෙම ගැටලුව පිිළිබඳ සාකච්ඡා කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස