උතුරේ දෙමළ සන්සධාන තීරක බලය නිමයි! සජිත්ට සහාය දෙන්න ගිය TNAයට දෙමළ ජනතාව සෙරෙප්පුවෙන් පහරදීමට පන්නති!

November 4, 2019 at 1:27 pm | by emanisa.lk

අතුරුදන් වූවන්ගේ ඥාතීන් ආර්. සම්බන්ධන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් ගමන්ගත් නිල රථවලට ඊයේ (03) සවස සෙරෙප්පුවලින් පහරදීමට උත්සහ කළ බව පොලිසිය කියයි.

ජනාධිපතිවරණයේදී සහ‍යෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් ඇතුළු පිරිස රැස්වීම පැවැත් වූ හෝටලයෙන් පිටවීමේදී මෙලෙස පහරදීමට උත්සහ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් දෙමළ ජාතික සන්ධානයට බැණ වඳිමින් පවසා ඇත්තේ ආර්. සම්බන්ධන් දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පත්වී දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම පැහැරහරිමින් දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් රටේ ජනාධිපතිවරුන් පත් කිරීමේ උත්සහයක මේ වන විට නිරත වන බවයි.

වවුනියාවේ අතුරුදන්වූවන්ගේ ඥාති එකමුතුවේ සභාපතිනිය වන කාසිපිල්ලෙයි ජයවනිතා තමන් පැළඳ සිටි සෙරප්පුවක් රැගෙන නිලරථවලට පහරදීමට උත්සහ කිරීමේදී ඇය සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් පැන නැගිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස