“ආණ්ඩුවට මුස්ලිම් ජනතාව රකින්න බැරිවුණා. ඒ වුණාට ගෝඨා එන නිසා සජිත්ට ඡන්දේ දෙන්න!” – ඇමති හකීම්ගේ ජනපතිවරණ කතාව අනුර කරයි.. මුස්ලිම් ජනතාව සිනා සයුරක ගිලෙති… (video)

October 31, 2019 at 1:25 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ඇමති රවුෆ් හකීම් ජනාධිපතිවරණ සමයේ මුස්ලිම් ජනතාව වෙත ගොස් සිදුකරන කතාව පසුගියදා පැවති ජනහමුවක දී ජවිපෙ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක කළේය.

පසුගිය පාලන සමයේ සිය ආණ්ඩුව අතින් වැරදි වූ බවත් මුස්ලිම් ජනතාව රැකගැනීමට ආණ්ඩුවට නොහැකි වූ බවත් ඒ පිළිබඳ තමා කනගාටුවට පත්වන බවත් ඇමති හකීම් ජනතාවට කියනු ඇතැයි ඔහු පවසයි.

පල්ලි කිහිපයක් විනාශ වුවද සිදුකළ යුතු බොහෝ කටයුතු ඉටු නොකළ ද ගෝඨාභය ජනාධිපති වන නිසා සජිත්ට ඡන්දය ලබා දෙන ඔහු ඉල්ලා සිටිනු ඇතැයි ද අනුර දිසානායක පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස