පාස්කු ප්‍රහාරයට බුද්ධි අංශ වගේම ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවත් වගකිව යුතුයි! – හකීම්ලාගේ වාර්තාව

October 24, 2019 at 8:49 am | by emanisa.lk

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීමට ප‍්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂවරයා බව එම ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව නම් කර ඇතැයි එහි සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

ඊට අමතරව පොලිස්පති, ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා ද ඊට වගකිවයුතු බව ද එම වාර්තාවේ සඳහන් කර ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

නියෝජ්‍ය කථානායකවරයා මෙම තොරතුරු පැවසුවේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව පිළිබඳව තොරතුරු දැනුම්දීම සඳහා ඊයේ (23 දා) පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවති මාධ්‍ය හමුවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස