අපට කිසිදු බියක් සැකක් නෑ! ජනාධිපතිවරණය දිනලා මහා මැතිවරණයත් දිනනවා! – අගමැති

September 20, 2019 at 9:10 am | by emanisa.lk

ජනාධිපතිවරණය ඉතා නිදහස් ඡන්දයක් ලෙස පවත්වා එයින් ජයගෙන ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයත් ජයගන්න බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (19) පැවසීය.

මේ නිදහස දෙන්නේ අපට අප කෙරෙහි පවතින විශ්වාසය නිසා බව කී අග්‍රාමාත්‍යවරයා කිසි විටෙක පසුපසට යාමට අවශ්‍ය නොවන බවද සඳහන් කළේය.

දේශපාලන පළිගැනීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් සඳහා වන්දි ප්‍රදානය කිරීම වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවැසීය.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

මෙම ජනාධිපතිවරණය ඉතා නිදහස් ඡන්දයක් ලෙස පවත්වනවා. අපට කිසිදු බියක් සැකයක් තබා ගැනීමට අවශ්‍ය නැහැ. අපට ඉදිරියට යන්නට හැකියාන තිබෙනවා. ඒ නිසා අප නිදහස් ජනාධිපතිවරණයක් පවත්වනවා. කිසිවකුත් ඒ ජනාධිපතිවරණයේදී තුවක්කු ගෙන එන්නේ නැහැ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස