එජාප නායක රනිල් පැත්තකට දාන්න අපි සූදානම් නෑ! ජනපති අපේක්ෂක සජිත් නම් රනිල් අගමැති අපේක්ෂක විය යුතුමයි! – විජේපාල

August 15, 2019 at 12:39 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය තුළ චෝදනා ඇති බොහෝ දෙනෙක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව සිටිව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

ගාල්ල ප්‍රදේශයේදි මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එජාපයේ ඇතැම් පුද්ගලයන් අගමැති රනිල් පැත්තකට දමා කටයුතු කිරීමට උත්සාහ කරන බව පැවසූ හෙතෙම ජනපති අපේක්ෂක සජිත් නම් අගමැති අපේක්ෂකයා අනිවාර්යෙන්ම රනිල් විය යුතු යැයි ඔහු අවධාරණය කළේය.‍ෙ

එක්සත් ජාතික පක්ෂ දුර්වල වූ හැම අවස්ථාවකම අභියෝග ජය ගෙන ඉදිරියට යාමට නායකත්වය දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස