ඊළඟ ඡන්දෙදි බුද්ධික පතිරණලාට තුන නෙමේ දෙක බේරගන්නත් අමාරු වෙනවා! – කාංචන

August 26, 2019 at 2:33 pm | by emanisa.lk

ඉදිරි මහා මැතිවරණයක දී මාතර දිස්ත්‍රික්කයෙන් ආසන 05ක් ලබා ගන්නා බව පවසන බුද්ධික පතිරණලාට දැනට තිබෙන තුනවත් රැකගැනීමට නොහැකි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පවසයි.

මේ වන විට එජාපය රට පුරාම රනිල් කල්ලිය සහ සජිත් කල්ලිය ලෙස දෙකට කැඩී ඇති බවත් සරත් ෆොන්සේකා, පාඨලි චම්පික සහ රාජිත සේනාරත්න ජනාධිපති අපේක්ෂක මෙහෙයුම් අරඹා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පසුගියදා මාතර පැවති ජනහමුවේ වේදිකාවට එම දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනාට වන මංගල, සාගල සහ බුද්ධික යන තිදෙනාටම එකට ගොඩවීමට නොහැකි වූ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව සලකා බලන විට එජාපයට එළඹෙන මහා මැතිවරණයේ දී ආසන 3 කෙසේ වෙතත් ආසන 2ක්වත් බේරා ගැනීමට අපහසු වනු ඇතැයි ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස