එජාපයට ජනාධිපති අපේක්ෂකයෝ හැටහුටහාමාරක් ඉන්නවා! දයා ගමගේත් ඉල්ලන්න සූදානම් කිව්වා! – රංජන්

June 19, 2019 at 11:46 pm | by emanisa.lk

එළඹෙන ජනපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ නම් තමන් ඒ සඳහා ඉදිරිපත්වීමට සූදානම් බව අමාත්‍ය දයා ගමගේ ප්‍රකාශ කර තිබේ.

අද පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිරිකොත ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් පැවැසීය.

“දිනන අශ්වයෙක් දාන්න ඕන. සජිත් ප්‍රේමදාස මහතාත් හොඳයි. දයා ගමගේ මහතා කිව්වා කවුරුවත් ඉදිරිපත් වනේනේ නැත්නම් එතුමා ඉල්ලනම් කියලා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. නවීන් දිසානායක මහත්තයා ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා ඉන්නවා. හැටහුටහමාරක් ඉන්නවා.

දයා ගමගේ මහත්තයත් කිව්වේ වෙන පක්ෂයෙන් කෙනෙක් දාන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් දාන්න කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස