ඇල්පිටිය පුංචි ඡන්දෙන් එජාපය දිනවීමේ වගකීම රනිල් සජිත්ට දෙයි! ඇල්පිටිය දිනවූ පසු එජාප ජනාධිපති අපේක්ෂකකමත් සජිත්ට!

September 3, 2019 at 10:08 am | by emanisa.lk

අධිකරණ නියෝගයක් අනුව එළඹෙන ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම එජාප නායකයා විසින් ඇමති සජිත් ප්‍රේමදාසට භාර දී ඇතැයි වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව පත් කරන්නැයි සජිත් ප්‍රේමදාස කරන ඉල්ලීම පිළිබඳව මෙම මැතිවරණ ජය ගැනීමෙන අනතුරුව සලකා බැලිය හැකි බව රනිල් වික්‍රමසිංහ විසින් සජිත් ප්‍රේමදාසට පවසා ඇත.

“සජිත්, මම පළාතක්වත් දිස්ත්‍රික්කයක්වත් නෙවෙයි පුංචි ප්‍රාදේශීය සභාවක් ඔයාට ඉස්සෙල්ලම දෙනවා. මට ඒක දිනවලා දෙන්න. මේක ලේසියෙන්ම ඔයාට දිනවන්න පුළුවන්.

ඇල්පිටියේ ඉන්නෙත් ඔයාගෙ පිලේ හොඳම කෙනෙක්. ගයන්ත කරුණාතිලක. ඔයයි ගයන්තයි අතරෙ හොඳ සම්බන්ධයකුත් තියෙන නිසා වැඩේ තවත් පහසුයි.

ඒ වගේම ඇල්පිටිය කියන්නෙ යූඑන්පී බල කඳවුරක්. අද ඊයෙක නෙවෙයි, රූපා කරුණාතිලකගෙ කාලෙ ඉඳන්, 1977 ඉඳන්.

ඒ නිසා මේක සරල අභියෝගයක්. ඔයා ඉස්සෙල්ලා මේක කරලා පෙන්නන්න, මම ඉතුරු හරිය බලාගන්නම්” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස