corona# දිනක වැඩිම රෝගීන් ඊයේ! මධ්‍යම රාත්‍රිය⁣ වන විට 49යි! මුළු රෝගීන් ගණන 417යි!

April 25, 2020 at 7:11 am | by emanisa.lk

ඊයේ (24) දින තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඊයේ රාත්‍රී 10.45  ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වූ අතර ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 417 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ සුවය ලැබු රෝගීන් දෙදෙනා සමඟ මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 109 කි.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝගීන් 301 ක් දෙනෙක්  සිටින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට 415 වැනි කොරෝනා ආසාදිතයා ලෙස කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් වාර්තා වූ ගැබිනි කාන්තාව පස්වරුවෙි බිහිකළ දරුවා මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි. මෙම කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම රෝගීන් 49 දෙනා අතරින් රෝගීන් 11 දෙනෙකු නිරෝධානයට ලක් කර සිටින බණ්ඩාරනායක මාවතේ පිරිස අතරිනි.

30 දෙනෙකු වැලිසර නාවික කඳවුරේ සිටින නාවිකයින් පිරිසකි.

5 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටින වැලිසර නාවික හමුදා නාවිකයන්ය. ඒ රත්නපුර හිදිල්ල කන්ද,කුරුණෑගල පොල්ගහවෙල උඩපොළ, කුරුණෑගල කීනියාපොළ, බදුල්ල ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳින් සහ මහනුවර දඹුල්ල අත‍බෝධිවැව ප්‍රදේශයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස