කොරෝනා ව්‍යාප්තියේ අඩුවීමක්! ජනතාව කැප වුණොත් ජයගන්න පුළුවන්!

March 21, 2020 at 4:38 pm | by emanisa.lk

‍කොරෝනා රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන පුද්ගලයන් 60 දෙනෙකු ඊයේ (19) පරීක්ෂා කර ඇති අතර ඉන් වෛරසය වැළඳි ඇත්තේ එක් රෝගියෙකුට පමණක් බවත් මෙම තත්වය යහපත් බවත් රජයේ වෛද්‍ය පරියේෂණායතනයේ ප්‍රධානී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි. ‍

මෙයට පෙර 10 දෙනෙකු පමණ පරික්ෂා කර විට අඩුම තරමින් වෛරසය ආසාදිත වූවන් පස් හය දෙනෙකු හෝ සිටි බව ඔහු හෙළිකරයි.

ඊයේ දවස තුළ පැවති තත්වය ඉදිරියටත් පවත්වාගෙන ගියහොත් මෙරට වෛරසය පැතිරීම පාලනය කිරීමට අපහසු නොවනු ඇති බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස