කොරෝනා මුල් දින 15 ලංකාවේ 100යි! ඇමරිකාවේ 75යි! ස්පාඤ්ඤයේ 84යි! ඊළඟ දෙසතිය ලංකාව දැඩි අවදානමේ!

March 28, 2020 at 10:44 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ මුල් දින 15ක කාලය ජර්මනිය, ස්පාඤ්ඤය, ඇමරිකා යක රටවල මුල් දින 15 සමග සසඳන කල අවදානම් තත්ත්වයක පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ එම රටවල දත්ත සටහන් ද ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියේය.

එම සටහන අනුව කොරෝනා ආසාදිතයන් මුල් දින පහළොවේ දී ශ්‍රී ලංකාවෙන් 100ක් වාර්තා වෙද්දී ජර්මනියෙන් 130ක්, ස්පාඤ්ඤයෙන් 84ක්, ඇමරිකාවෙන් 75ක් වාර්තා වී ඇත.

එහෙත් ඊළඟ දින 15දී සහ දින 25 වැදී එම රටවල තත්ත්වය බොහෝ දරුණු අතර හැරී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි දින 15 මෙරටට ඉතා තීරණාත්මක බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස