කුරුණෑගලට කොරෝනා ගෙනාවේ පුත්තලමෙන්! පුත්තලමේ ආසාදිතයා කුරුණෑගල කාන්තාවගේ ගෙදර ඇවිත්!

April 2, 2020 at 6:35 am | by emanisa.lk

කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .

මෙම කාන්තාව ඊයේ (31) දිනයේ කොරෝනා රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් කටුපොත රෝහලේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා එවීමෙන් පසුව කරන ලද පරීක්ෂණවලදී ඇය කොරෝනා ආසාධිතයෙකු බවට අනාවරණය වී ඇත.

මෙම කාන්තාව පදිංචි කටුපොත නිවසට කොරෝනා ආසාධනය වී මේ වන විට අයිඩීඑච් උණ රෝහලේ ප්‍රතිකාර ලබන පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ ඇතැයිද ඉන් පසුව ඔහුගෙන් ඇයට මෙම වෛරසය ආසාධනය වී ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව පවසයි.

මෙම කාන්තාව අද පස්වරුවේ ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලට යැවීමට පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවූ ප්‍රථම කොරෝනා රෝගියා මෙම කාන්තාවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස