උලමටයි හකීම්ටයි ඕන කොරෝනා බෝ කරලා හරි රට වනසන්න! කොරෝනා මළ සිරුරු භූමදාන කරන්න අවසර ඉල්ලන්නේ ඒකයි! – මුසාම්මිල් රට වෙනුවෙන් පෙරට එයි…

April 2, 2020 at 3:53 pm | by emanisa.lk

රවුෆ් හකීම් සහ උලමා සංවිධානය විසින් කොරෝනා වැළඳී මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ඉල්ලීම අතිශය භයානක බව මොහොමඩ් මුසාම්මිල් පවසයි.

ඕනෑම ආගමක ඉගැන්වීම් සමාජ පොදු යහපතට විය යුතු බවත් එසේ නොවන අවස්ථාවල එනම් ආගමික ඉගැන්වීම් පොදු යහපතට එරෙහි වන කල ක්‍රියාත්මක නොකළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

මුස්ලිම් සම්ප්‍රදාය අනුව අයකු භූමදානය කරන විට කතෝලික සහ බෞද්ධ සම්ප්‍රදාය තුළ මෙන් වළ සම්පූර්ණයෙන් නොවසන බවත් වළ මතුපිට ලෑලි තට්ටුවක් අතුරා ඒ මත පස් අතුරන බවත් මුසාම්මිල් අනාවරණය කරයි.

එවිට සතියක් දෙකක් ඇතුළත ලෑලි දිරාපත්වී පස් තට්ටුව පහළට කඩා වැටෙන අතර ඒ ආකාරයට කොරෝනා ආසාදිතයකු භූමදානය කළහොත් ඉතාම පහසුවෙන් එය කොරෝනා තිප්පොළක් විය හැකි බවත් ඔහු හෙළි කරයි.

උලමා සභාව සහ හකීම් උත්සාහ කරන්නේ මේ රට කොරෝනා බෝ කර හෝ වනසා දැමීමේ අරමුණින් බවට ද මොහොමඩ් මුසාම්මිල් චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස