IDH රෝගීන් දෙදනෛකුට බරපතළයි! දැඩි සත්කාර ඒකයට ඇතුළු කරයි!

March 22, 2020 at 9:56 am | by emanisa.lk

කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

ඔවුන් එහි ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් 77ක් වාර්තා වෙයි.

මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය කොරෝනා රෝගීන්ට ලබා දීම ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් ආරම්භ කර ඇති අතර IDH රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බරපතළ තත්ත්වයේ පසුවන පෙර කී ආසාදිතයින් දෙදෙනාට ද ඉකුත් 20 වැනිදා සිට ලබා දී තිබිණි. ඔවුන්ගෙන් අයෙකු තරමක් සුව අතට පත්වී ඇති බව ද වෛද්‍යවරුන් වාර්තා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස