කොරෝනා වැළඳුණු චීන කත සම්පූර්ණ සුවය ලබයි! කොරෝනා පරාජය කළ පළමු රට බවට ලංකාව පත්වෙයි!

February 2, 2020 at 12:06 am | by emanisa.lk

නව කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලට ඇතුළත් කරන ලද චීන කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ අදාළ කාන්තාව මේ වනවිට වෛරස ආසාදන තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදී ඇති බවය.

කොරෝන වෛරසය එම කාන්තාවගේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී ඇතැයිද ඔහු අනාවරණය කළ අතර ඈ මේ වන විට රෝහලෙන් පිටත් කර හැරිය හැකි තත්ත්වයට සුවය ලබා ඇති බව ද ඔහු කියා සිටියේය.

මේ වන කොරෝනා ආසාදිත යයි සැක සහිත රෝගීන් 16 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් ඒ කිසිවකුට කොරෝනා අසාදිත යයි පරීක්‍ෂණ මගින් ඔප්පු වී නැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අද (01) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස