නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් එංගලන්තයේ අතරමං වී සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් මව්බිමට අද (04) රැගෙන ආ කණ්ඩායමේ ඇතැම් අය ගුවන් තොටුපලේදී කළහකාරී ලෙස හැසිරී තිබෙි. තමන් වෙනුවෙන් සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් හා ප‍්‍රවාහන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව පවසමින් ඔවුන් මෙලෙස කළහකාරීව හැසීරී තිබේ.
ශ‍්‍රී ලාංකික සිසුන් ඇතුළු 208 දෙනෙකු එංගලන්තයේ සිට අද අළුයම මෙලෙස මව්බිමට පැමිණි තිබේ. පළමුව ඔවුන් සියලූ දෙනා සහ ඔවුන්ගේ ගමන් මලූ ද ගුවන් තොටුපොළේදීම විෂබීජහරණය කෙරිණි.
අනතුරුව ඔවුන් බස් රථ මගින් නිරෝධායනය සඳහා රැගෙන යාමට කටයුතු කෙරිණි.
මෙම කණ්ඩායමේ වැඩි දෙනෙකු නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ මීගමුව ජෙට්වින්, ඩොල්ෆින් සහ වස්කඩුව සිට‍්‍රස් යන හෝටල්වලටය. දිනකට රුපියල් 7,500ක් බැගින් වන පරිදි මුදල් පෞද්ගලිකව ගෙවා නිිරෝධායනය වීමට පහසුකම් සපයා දී තිබේ.
සෙසු පිරිස නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ දියගම තාක්ෂණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයටය.
Copyright © 2025 emanisa.lk