ඇඳිරි නීතිය කඩාගෙන දිස්ත්‍රික් සීමා පැන්නොත් අවුරුද්දට නිරෝධායනේ!

April 10, 2020 at 10:38 am | by emanisa.lk

ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන  ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඒ අනුව මෙම තීරණය හෙට (10) දින සිට කි‍්‍රයාත්මක කරනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්විම සඳහා පොලීසිය විසින් ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට රට තුළ ඇදිරිනීතිය පනවනු ලැබූ අතර, දිස්ති‍්‍රක් අතර සංචරනය විම වැළැක්විම සඳහා වන නීතිය ද හඳුන්වා දෙනු ලැබ තිබිණී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස