කොරෝනා මඩින්න සටන් කළ වැලිසර නාවිකයන් 95කට කොරෝනා!

April 26, 2020 at 6:57 pm | by emanisa.lk

මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් 95 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් 68 දෙනෙකුට සහ නිවාඩු ලබා සිටිය නිලධාරීන් 27 දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

අද දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වී සිටින රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇති බවත් ඉන් එක් රෝගියෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වන බවත් යුධ හමුදාපතිවරයා සඳහන් කර. සෙසු රෝගීන් 10 දෙනා නිවාඩු ලබා ගොස් නිවෙස් වෙත ගොස් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් බව ද යුධ හමුදාපතිවරයා කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස