කොරෝනා මර්දන දැල තවමත් සාර්ථකයි! ඊයේ හමු වූ සියලු රෝගීන් නිරෝධායනයෙන්!

April 19, 2020 at 10:44 am | by emanisa.lk

ගෙවුණු පැය 24 තුළ හඳුනාගත් කොරෝනා ආසාදිත රෝගීන් 10 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලින් හමු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මේ අතර සුවය ලැබූ තවත් රෝගීන් 09 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ දිනය තුළ හඳුනාගත් රෝගීන් දස දෙනාගෙන් හය දෙනෙකු වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයෙනුත්, තිදෙනෙකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙනුත් වාර්තා වේ. අනෙක් ආසාදිතයා රඹුක්කන ප්‍රදේශෙයේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙකි.

මේ අතර ගත වූ පැය විසි හතර තුළ වාර්තා වූ රෝගීන් දස දෙනාත් සමඟ මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගියේය.

වෛරසය ආසාදිත යැයි සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 103ක්. මෙරටින් කොරෝනා මරණ 7 ක් වාර්තා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස