තවත් කොරෝනා රෝගීන් 6ක්! දැන් මුළු ගණන 66! 11 දාහක් නිරෝධායනයේ!

March 20, 2020 at 12:33 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 65ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද පෙරවරු 11.00 වන විට තවත් කොවිඩ් ආසාදිතයන් 6ක් සොයාගෙන තිබේ.

මේ වන විට රෝහල් තුළ සැකසහිත පුද්ගලයන් 218ක් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 17 තුළ පුද්ගලයන් 2463ක් නිරෝධායනයට ලක්වන බවත් එයින් 27ක් විදේශිකයන් බවත් කොරෝනා පාලනය වැළැක්වීමේ කාර්ය සාධක බළකාය සඳහන් කරයි.

මේ අතර ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා පුද්ගලයන් 8437ක් දෙනෙකු ලියාපදිංචි වී ඇති බවත් එම කාර්ය සාධක බළකාය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස