අප්‍රේල් 19 වෙද්දි කොරෝනා උවදුර පරාජය කරනවා! එතෙක් ඉවසීමෙන් රජයට සහාය දෙන්න! – පවිත්‍රා

April 10, 2020 at 10:30 am | by emanisa.lk

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් අතරින් 80ක්ම විදේශ රටවල මිට මෙරටට පැමිණි පුද්ගලයන් බවත්, සෙසු රෝගීන් ඔවුන් සමීපව ඇසුරු කළ අය බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

එසේම රට පුරා ඇඳිරි නීතිය පනවා රෝගය ආසාදනය වූ පුද්ගලයන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් විශල ප්‍රමාණයක් නිරෝධායනය කිරීමට කටයුතු කරගෙන යන බවත් ඇය සඳහන් කළාය.

පසුගිය මාර්තු 19 දා සිට ගුවන් තොටුපොළ වසා දමා 20 දා සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවිමත් සමග පුද්ගලයන්ගේ සංචරණය සම්පූර්ණයෙන්ම සීමා කර ඇත.

මාර්තු 19 දා සිට අප්‍රේල් 19 දා දක්වා දින 30ක කාලය ඇතුළත මේ රටේ සංචරණය සීමා වී ඇති නිසා යමෙක් රෝගාතුරු වුවහොත් කොරෝනා රෝග ලක්ෂණ හඳුනා ගැනීමටත් යම් පුද්ගලයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ තිබී එය පහව යෑමටත් දින 30ක කාලය ප්‍රමාණවත් බවත් ඇය පැවසුවාය.

ඒ අනුව අප්‍රේල් 19 දා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස