ඇඳිරි නීතිය සහ නිරෝධායන නීතිය නොතකා සිරපාදේ ගිය අකුරැස්සේ සභාපති අත්අඩංගුවට!

May 3, 2020 at 5:14 pm | by emanisa.lk

නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිව්දෙනෙක් අද(03) මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය.

අකුරැස්ස ප්‍රාදේශිය සභාවට අයත් යැයි පැවසෙන ලොරි රථයකින් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ සභාපතිවරයාගේ හිතවතුන් යැයි පවසෙන සිව්දෙනා මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොල පසු කර යාමට ලොරි රථය ධාවනය කිරිමේදි එම පොලිස් මුරපොලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් ලොරි රථය පරික්ෂා කිරිමේදි එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇදිරි නිති බලපත්‍රයක් නොමැති බවට තහවුරු විමෙන් පසු ලොරි රථයේ ගමන් ගත් සියළු දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

කොවිඩ් 19 වයිසරය පැතිර යාමේ අවදානමත් සමග පුජනිය ස්ථාන වැද පුදා ගැනිමට යාම සෞඛ්‍යය අංශ විසින් තහනම් කර ඇති අතර , ශ්‍රි පාදස්ථානයටද හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට ගමන් කිරිම නල්ලතන්නිය පොලිසිය විසින් තාවකාලිකව නතර කර ඇත.

සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුව් සිව්දෙනා ගමන් ගත් ලොරි රථයේ තිබි ගමන් මළු කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඇඳිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ තවත් සිව්දෙනෙක් අකුරැස්සේ සිට මස්කෙලිය දක්වා ආරක්ෂක අංශවල අවදානය යොමු නොවි පැමිණ ඇති බවමස්කෙලිය පොලිසිය කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස