කොරෝනාවෙන් දේශපාලන වාසි ගන්න හදනවා! – සජිත් ප්‍රේමදාසට කුණු බැනුම්…

March 12, 2020 at 5:10 pm | by emanisa.lk

සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොරෝනා භිය එක්ක දේශපාලන පිසාචයන්ද පරාජය කරමු!

ඊයේ දිනයේදී පළමු කොරෝනා රෝගියා ලංකාව තුළින් වාර්තාවීමත් සමග වැලේ වැල් නැතිව සිටි දේශපාලන සුනඛයන් බොහෝ දෙනෙකුට නවමු වූ පරානයක් ලද බව සවස ප්‍රවෘත්ති විකාශනයන් නැරඹීමේදී දැක ගැනීමට ලැබිණ.

නිරෝධායන ක්‍රියාවලියේ අඩුපාඩු සොයමින් ඒ තුලින් චන්ද සෙවීමේ පාහර නිර්ලජ්ජ සහගත ක්‍රියාවලියකට යොමුවී ඇති විපක්ෂය පිළිබඳව අපට නම් ඇත්තේ හිරිකිතයක් මිස වෙනත් දෙයක් නොවෙයි.

මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන්ට හිරිහැර කරන බවත්, රටවිරුවන් කරදරකරුවන් ලෙස සලකා රජය කටයුතු කරන බවත්, රජයට සැලැස්මක් නැති බවත්, නිරෝධායනය සඳහා රජය රුපියල් හත්දහස් පන්සියයක් අයකරන බවත්, නිරෝධායනය සඳහා වැඩ පිළිවෙළක් යාන්ත්‍රණයක් නැති බවත්, කොහෙද යන්නේ මල්ලේ පොල් වැනි ආකාරයෙන් හැසිරෙන බවත් විපක්ෂ නායකයා කියාගත් පුද්ගලයකු මාධ්‍ය ඉදිරියේ කියා පෑවේය.

ඉන් නොනැවතුණු ඔහු තවදුරටත් රට විරුවන් කිසිදු පරීක්ෂණයකින් තොරව රෝගීන් ලෙස සලකා කටයුතු කරන බව කියාපෑමෙන් විපක්ෂ නායකයා මොලේ උඩ වාඩිවිගෙන සිට මෙවැනි ප්‍රකාශ කරන බව පැහැදිලි කරගැනීමට තවත් උදෘත අවශ්‍ය නොවන බව අපට කියාදෙයි.

මුළු ලෝකයම කොරෝනා වෛරසය ලෝක වසංගතයක් බවට නම්කර ඇති මෙවැනි අවස්තාවක දේශපාලකයා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඉදිරිපත්කර ඇති ප්‍රමිතිකරණ සටහන පිලිබදව තර්ක ඉදිරිපත් කරයි.

රටක් ජාතියක් ලෙස මේ මර උගුලෙන් ගැලවීමට එක්ව කටයුතු කිරීමට අවශ්‍ය මොහොතක මෙසේ පුහු තර්ක ඉදිරිපත් කරමින් ඔහු නලවන්න හදන්නේ කවුරුන්ද? මඩකලපුවේ හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය නිරෝධායන කටයුතු සදහා යොදා ගැනීම පිළිබඳව දුකින් සිටින විපක්ෂ නායකයා නිරෝධායන ක්‍රියාවලිය සදහා යොදාගත් ස්ථානය තුළින් ජාතිවාදී ගැටුමක් ඇතිකිරීමෙන් හෝ මුස්ලිම්න්ද ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ උත්සාහයකද යෙදෙයි.

“නිරෝධායන වැඩ කරන්න හිස්බුල්ලා හොඳයි”යනුවෙන් පවසමින් උපහාසයෙන් සිනාසෙන ඔහු අපට කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද පසුගිය ජුලි මාසයේදී පවතී මාධ්‍ය හමුවකදී අපි සිංහලේ සංවිධානය යනු සජිත් ප්‍රේමදාස කවුරුන්ද යන්න හොඳින් පැහැදිලි කර සිටින ලදී.

ඔහුට ඇති අසනීපය හා ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳවත් කියා සිටින ලදී. අද දිනය වනවිට සමස්ත පාසල් පද්ධතියම අකර්මන්‍ය කිරීමට jvp උත්තමයන් හා එක්ව සජිත් ප්‍රේමදාස විසින් කොරෝනා පිළිබඳ අනියත බියක් රටපුරා ව්‍යාප්ත කරමින් සිටින අතර අප සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි පාහර දේශපාලන ප්‍රචාරණ සඳහා නොරැවටී සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා කර ගන්න ලෙසයි.

ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිධානය
ජාතික සංවිධායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස