කොරෝනා අවධානම තවත් භයානක අතට! පුත්තලමේ 10 දෙනාට බාහිර ලක්ෂණ නැහැ!

April 1, 2020 at 8:34 am | by emanisa.lk

කොරෝනා වෛරසය වැළදී ඇති බවට ඊයේ (31) සවස් කාලයේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ සංචාරය කොට මෙරට පැමිණීමෙන් පසු මිට දින කිහිපයකට පෙර කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වූ පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයින් 60 කට අධික සංඛ්‍යාවක් පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ මිට දින කිහිපයකට පෙර පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ එලෙස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 20 දෙනෙකුගේ නියැදි ලබා ගනිමින් මාරවිල රෝහලේදී ඊයේ දිනයේදී සිදුකළ පරීක්ෂණයේදී මෙලෙස කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 10 දෙනා හඳුනාගත හැකිවූ බවයි.

මෙම පුද්ගලයින් 10 දෙනා වෛද්‍ය පරීක්ෂණයේදී කොරෝනා ආසාධිතයින් බව තහවුරු කර ගනු ලැබුවත් මේ දක්වා ඔවුන් තුළ කොරෝනා වෛරසය හා සම්බන්ධ කිසිදු මුලික රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම විශේෂත්වයක් බව හෙතෙම වැඩි දුරටත් පවසයි.

මේ ආකාරයට රෝග ලක්ෂණ පහළ නොකරන කොරෝනා ආසාදිතයන් නිදහසේ සමාජයේ සැරිසැරීම නිසා ඔවුන්ගෙන් විශාල පිරිසකට රෝගය බෝවීමේ අවදානමක් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස