CORONA#මරදානේ නිවාස සංකීර්ණයක් වසා දමයි! 2000ක් ස්වයං නිරෝධායනයේ!

April 2, 2020 at 2:02 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය තෙවන පුද්ගලයා පදිංචිව සිටි මරදාන ‘ෆොබර්ස් ලේන්’නිවාස සංකීර්ණය හුදකලා කිරීමට ආරක්‍ෂක අංශ පියවර ගත්තේය.

කොරෝනා ව්‍යාප්තවීම වළකාලීමේ පියවරක් වශයෙන් අදාළ නිවාස සංකීර්ණය හුදකලා කිරීමට ආරක්‍ෂක අංශ මෙලෙස පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එම නිවාස සංකීර්ණයේ පවුල් 400 ක පමණ පිරිසක් පදිංචිව සිටින බවත් ඔවුන්ට නිවාස සංකීර්ණයෙන් පිටව යෑම සහ පිටස්තර පුද්ගලයින්ට නිවාස සංකීර්ණයට ඇතුළුවීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය ළඟින් ඇසුරු කළ පුද්ගලයින් සොයා ගැනීම සඳහාද සෞඛ්‍ය අංශ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස