අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ! කොරෝනා මර්දනයට රට සූදානම්! ජනපතිගෙන් රටටම සහතිකයක්…

March 13, 2020 at 5:35 pm | by emanisa.lk

කොරෝනා වෛරසයට මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමට අදාළ සියලු පියවර ගෙන ඇති බැවින් අනවශ්‍ය භීතියක් ඇති කර ගත යුතු නැතැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

මේ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය සියලු විධිවිධාන තර කර ඇති බවය

කොරෝනා වෛරසය ආසාධනය වීම සඳහා වැඩි අවධානමක් ඇති රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත්තේ ඒ අනුවය.

මහ ජනතාවගේ ආරක්ෂාව තර කිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධ වී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස