‘ඔබ කළ හානිය මකන්න බෑ..’- කන්දකාඩු විරෝධතාකරුවන් ගෙදර යන්න පෙර හමුදාවෙන් මොළ පාදන දේශනයක්.. (video)

March 24, 2020 at 6:44 pm | by emanisa.lk

පසුගියදා ගුවන්තොටුපළේ ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ද පහසුකම් මදි යැයි කියමින් ගැටුම් ඇති කරගත් පිරිස නිවසට නික්ම යන අවස්ථාවේ හමුදා නිලධාරියකු ලබා සිදුකළ කතාවක් සමාජමාධ්‍යවල සංසරණය වෙයි.

එහිදී හැමදාම රට වෙනුවෙන් සිය වගකීම නිසි ලෙස ඉටුකළ හමුදාවට ඔවුන් කළ හානිය කිසිදා මැකිය නොහැකි බව සඳහන් කළේය.

එම තරුණ පිරිස හමුදාවට එරෙහිව හැඟීම්බර ලෙස හැසිරෙමින් කවර කටයුුතු කළ ද හමුදාව රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කළ බවත් මෙය ඉදිරි ජීවිතයට පාඩමක් කරගන්නා ලෙසත් එම නිලධාරියා ඉල්ලා සිටියේය.

“‘පරිස්සමට ගෙදර යන්න! ආකල්ප හදාගන්න! ඔබ කළ හානිය මකන්න බෑ..’”

අතරමඟ වැසිකිළියක පින්තූර ගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ යැයි පින්තූර පළ කළ තරුණයා ද ඉටි බෝතල් කැබැල්ලක තමන්ට තේ ලබා දුන්නේ යැයි පින්තූර පළ කළ තරුණයා ද අතරමග දී බසයේ රියදුරාගේ බෙල්ල මිරිකූ තරුණයා ද මේ අතර සිටිති.

මෙහිදී පිරිස අමතන්නේ නැඟෙනහිර පළාත් හමුදා ප්‍රධානියකු වන ජෙනරාල් රසික ප්‍රනාන්දු බව ද සමාජ මාධ්‍ය වාර්තා කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස