කොරෝනා අසාදිතයන්ගේ ආගම හෙළිකිරීම ජාතිවාදියි! මුස්ලිම් ගම් ගැන කී මාධ්‍යවලට වහාම තහංචි පනවන්න! – ජවිපෙ

March 29, 2020 at 12:52 pm | by emanisa.lk

කොරෝනා රෝගයට ගොදුරු වී සිටින ජනතාව සහ නිරෝධායනයට යොමු කළ ජනතාවගේ ජන වර්ගය ආගම හෙළි කරමින් වාර්තා කිරීම වහාම නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

සෞඛ්‍ය බලධාරීන් සහ වෙනත් නිලධාරීන් රෝගීන්ගේ ජන වාර්ගික සහ ආගමික පසුබිම අනාවරණය කිරීම ජාතිවාදී බවත් එහි ආගමික භීතිකාව ආගමික වෛරය ආගමික හිංසනය ගැබ්ව ඇති බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

මේ පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මැදිහත් වී කටයුතු කළ යුතු බවත් මාධ්‍ය වෙත අවශ්‍ය කොන්දේසී පැනවිය යුතු බවත් ඔහු අවධාරණය කරන්නේ ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

කළුතර අටළුගම, මහනුවර අකුරණ සහ පුත්තලම කඩයන්කුළම යන මුස්ලිම් ගම්මාන කොරෝනා රෝගීන් හමු වීමත් සමග වසා දැමීමෙන් පසු මන්ත්‍රීවරයා මෙම සටහන තබා තිබේ.

.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස