මෛත්‍රී ජනාධිපති කිරීම වස වැරැද්දක්! මෛත්‍රීට වඩා ගෝඨා දහස් ගුණයක් වටිනවා! – චන්ද්‍රිකා

February 9, 2020 at 10:32 pm | by emanisa.lk

මෛතීපාල සිරිසේන ජනාධිපති කිරීමට කටයුතු කිරීම වැරැද්දක් බවත් ඔහු සමග සසඳන විට ගෝඨාභය දහස් ගුණයක් වටිනා අයකු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්දුගේ සමුගැනීමේ සාදයේදී හිටපු ජනාධිපතිනිය මේ බව පවසා ඇත්තේ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ සමගය.

එහිදී චන්ද්‍රිකා මෛත්‍රි තමන්ට සිදුකළ කුහකකම්, කුඩුකේඩුකම්, යටිකූට්ටු වැඩ පිළිබඳවත්, සිය සොහොයුරා වූ අනුර බණ්ඩාරනායකට කළ දෑ පිළිබඳවත්, අවසානයේදී මහින්දට කළ දෑ පිළිබඳවත් උදාහරණ සහිතව ශිරන්ති දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙි.

“මට දැන් දැනෙනව මෛත්‍රි වගේ මිනිහෙක්ට ජනාධිපතිකමක් අරන් දෙන්න ගිහිල්ල කරගත්ත වැරැද්ද. මම මේ සති දෙක තුනට තේරුම්ගත්තා ගෝඨා වගේ කෙනෙක් අර මනුස්සයාට වඩා දහස් වාරයක් වටිනවා කියලා..”

මහින්ද රාජපක්ෂ සමග කාලයක් තිස්සේ විරසකව සිටි චන්ද්‍රිකා කුමාරතුංග මෙහිදී නැවත ඔවුන් සමග මිතුරු වී ඇති අතර රාජපක්ෂ පාලන කාලය තුළ කිසිම අවස්ථාවක නිදහස් උළෙලට නොපැමිණි හිටපු ජනාධිපතිනිය මෙවර ඊට සහභාගී වීමද සිදුවන්නේ ඒ අනුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස