චන්ද්‍රිකා මෛත්‍රී සහ හේමා ගෝඨාගේ ඇරයුමට පිටුපාති!

January 4, 2020 at 1:57 pm | by emanisa.lk

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කළ උත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ රාජාසන කතාවට සවන්දීම සඳහා හිටපු ජනාධිපතිවරුන් කිසිවකු පැමිණියේ නැත.

සම්ප්‍රදාය අනුව හිටපු ජනාධිපතිවරුන්, තානාපතිවරුන්, අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්, නීතිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ට ආරාධනා කිරීම මෙන්ම ඔවුන් ඒ සඳහා සහභාගි වීමද සාමාන්‍ය සිරිතය.

කෙසේ වුවද අදාළ උත්සවය ඉතාම චාම් ලෙස පැවැත් වූ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිති චන්ද්‍රිකා කුමාරතුංග හෝ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස ද සහභාගී වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *