පියසේන, ජෝන්, ලක්ෂ්මන් පන්නයි! ශ්‍රීලනිප නව දිස්ත්‍රික් නායකයන් පත්කරයි! පොළොන්නරුවට නෑ!

January 23, 2019 at 11:53 am | by admin

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නව දිස්ත්‍රික් නායකයන් පත් කර ඇති අතර බොහෝ දෙනෙකුට සිය තනතුරු නැවත ලැබුණ ද එජාපයට ගිය ගාල්ල දිස්ත්‍රික් නායක පියසේන ගමගේට තනතුර අහිමි වී තිබේ. එසේම රත්නපුර දිස්ත්‍රික් නායක ජෝන් සෙනෙවිරත්නට ද මාතර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් යාපා අබේවර්ධනට ද තනතුරු අහිමි වී තිබේ.

ගාලු දිස්ත්‍රික් නායක ලෙස ෂාන් විජයලාල් ද සිල්වා ද රත්නපුර දිස්ත්‍රික් නායක ලෙස මාතර දිස්ත්‍රික් නායක ලෙස විජය දහනායක ද රත්නපුර දිස්ත්‍රික් නායක ලෙස අතුල කුමාර රාහුබද්ද ද පත්වීම් ලබා තිබේ.

කෙසේ වුව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක පිහිටුවීමට සූදානම් වන දේශපාලන පක්ෂයේ ප්‍රධාන ධුරයක් සඳහා යෝජනා වී ඇතැයි කියන දුමින්ද දිසානායක අනුරාධපුර දිස්ත්‍රික් නායකයා ලෙස පත්වීම් ලබා තිබේ. මෙතෙතක් පොළොන්නරුවට දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට නායකයකන් පත් කර නොමැත. පොළොන්නරුව ජනාධිපතිවරයාගේ දිස්ත්‍රික්කයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස