පොදුජන සන්ධානයට පුටුව අහිමි වන ලකුණු! පුටුව අයිති චන්ද්‍රිකාගේ සන්ධානයකට!

December 6, 2019 at 9:53 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෙසු පක්ෂ සමග සන්ධානගත වී ගොඩනඟන ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ සලකුණ ලෙස පුටුව යොදා ගැනීම ගැටලු සහගත වී ඇතැයි වාර්තා වෙයි.

එයට හේතුව 19994 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් තරඟ කළ පොදුජන එක්සත් පෙරමුණේ සලකුණ ලෙස පුටුව ලියාපදිංචි කර තිබීමය.

එම සන්ධානයේ මහ ලේකම් ලෙස පසුගියදා අභාවප්‍රාප්ත වූ දි.මූ. ජයරත්න සඳහන් වන අතර එහි නායිකාව ලෙස කටයුතු කර ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංගය.

පොදුජන පෙරමුණ සිය දේශපාලන සතුරා ලෙස සලකන චන්ද්‍රිකා කුමාරතුංග තමන් යටතේ ලියාපදිංචි වී ඇති සලකුණ සඳහා ගැටුමක් ඇති කර ගැනීමේ හැකියාවක් ඇතැයි සැක පළ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස