මේ රටේ බිම් අඟලක්වත් විකුණන්නේ නෑ! මගේ ශ්‍රී මුඛයෙන් ප්‍රකාශ කරන්නේ! – බුකිය ගිනිතැබූ සජිත්ගේ ශ්‍රී මුඛ දේශනාව මෙන්න… (video)

October 5, 2019 at 9:38 am | by emanisa.lk

තමන් ජනාධිපති වූ පසු මෙරට එක බිම් අඟලක්වක්වත් විකුණන්නේ නැතැයි එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

එළැඹෙන 16 වෙනිදා මේ රටේ නිරමාණය වන්නේ අපේකම, රටේකම, සංස්කෘතිය, සභ්‍යත්වය රජයන යුගයක් බව ඇමතිවරයා අවධාරණය කළේය.

“වෙන කාගෙවත් මුඛයෙන් නෙමේ මේ වචන ඉදිරිපත් වන්නේ, සජිත් ප්‍රේමදාසගේ ශ්‍රීි මුඛයෙන් මේ වචන ටික පිටවුණේ කියලා මම කියන්න කැමතියි.

මට ජනතාව අතර නැති කොට ලෙඩක් හැදෙනවා. ඒ නිසා මම ඉන්නේ ජනතාව අතර. මම ජනාධිපති වුණාම වෙඩි නොවදින වාහන ගෙන්නන්නේ නෑ. මේ තියෙන ඒවා හොඳටම ඇති.”

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොත එජාප මූලස්ථනයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

ඇමතිවරයා විසින් තමන්ගේ කට ‘ශ‍්‍රී මුඛය’ ලෙස හඳුන්වා ගැනීම සමාජජාලාවල දැඩි විරෝධයට සහ උපහාසයට ලක්ව ඇත. ඒ එම වචනය බෞද්ධ සංස්කෘතිය තුළ බුදුන් වහන්සේ වැනි ආර්යයන් වහන්සේලා සඳහා පමණක්ම භාවිත කරන වචනයක් බව සඳහන් කරමිනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස