අනුරට ඡන්දේ දුන්නාට අපි ආණ්ඩුවෙමයි! ගෝඨා පරාද කරන්න දෙවෙනි මනාපෙ සජිත්ට දෙනවා! – ජයම්පති

September 30, 2019 at 8:11 am | by emanisa.lk

‘ජාතික ජන බලවේගයේ’ අනුර කුමාර දිසානායකට සහයෝගය දීමට තීරණය කර ඇති තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව, තමා තවදුරටත් පාර්ලිමේන්තුවේ අණ්ඩු පක්ෂයේ අසුන්ගත යුතු බවද ඒකමතිකව තීන්දුකර ඇතැයි ‘එක්සත් වාමාංශික පෙරමුණ’ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න පවසයි.

තම පක්ෂයේ පළමු මනාපය අනුර දිසානායකට දෙන අතර ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීම සඳහා සජිත් ප්‍රේමදාසට දෙවන මනාපය දෙන බවත් මෙම කරුණු දෙක සඳහාම එක සමාන උනන්දුවකින් කටයුතු කරන බවත් ඔහු පවසයි.

එසේම තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිදු තීන්දුවක් ගෙන නැති බව ද ඔහු නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස