අපි පන්සලේ පිං කැටේට සීල් තිබ්බේ සුදු මහත්තුරුන්ගේ නීතිය අනුව! අනික අපි පිං කැටේ සල්ලි ගණන් කරලා ආයේ පන්සලටම දෙනවා!- බුද්ධ ශාසන ඇමති

September 16, 2019 at 4:40 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව තරම් බුද්ධ ශාසනයට වැඩ කළ ආණ්ඩුවක් නොමැති බවත් ජනාධිපති අරමුදල අගමැති අරමුදල සහ සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යංශ අරමුදල් බුද්ධ ශාසනය වෙනුවෙන් යොදවා ඇති බවත් අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පවසයි.

“මේ රජය තරම් බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කරපු රජයක් නොමැති තරම්. ජනාධිපති අරමුදල අගමැති අරමුදල සහ සජිත් ප්‍රේමදාස‍ෙගේ අමාත්‍යංශයේ අරමුදලින් බෞද්ධ ශාසනය වෙනුවෙන් විශාල ව්‍යාපෘති ආරම්භ කොට තියෙනවා. නමුත් අපේ රජයේ තියෙන දුර්වලකම තමයි කරන දේ කියන්නෙ නැහැ. අර කතාවක් තියෙනවනේ හිස් කළේ සද්දේ වැඩියි, පිරුණ කළේ සද්දේ අඩුයි කියලා.

ඊළඟට මම කියන්න කැමතියි කිසිම වෙලාවක බුදධ ශාසන අමාත්‍යංශය පිංකැට කඩලා පන්සල් වල දේවල් සුරාකාලා නැහැ. සුද්දා හදපු පනත් තමයි තවමත් ක්‍රියාත්මක වන්නේ. දළදා මාළිගාවෙත් මේ දේ සිදුකරනවා. මේ සංගණනෙන් ගණන් හිලවු බලනවා විතරයි. ඒ මුදල් අපි ගෙනියන්නෙ නැහැ.

මම මේක පැහැදිලිව කියන්න ඕන. වැරදි හැඟිමක් ඇතිකර ගන්න එපා. තිස්සමහාරාමේ නායක හමුදුරුවන්ට මම කතා කරා. මගේ නිලධාරින්ට කතා කරලා මේ ගැන ඇහුවා. එතකොටයි ඒ අය කිව්වේ සුද්දා හදපු නීතිය ගැන. මං කිවුවා මින් පස්සේ කිසිම දෙයක් කරන්න එපා කියලා මගේ අවසරය නැතුව කියලා. ඒ නීතිය අනුව ගණනය කරලා ඒ මුදල් පන්සලේ ගිණුමට බැර කරනවා. කිසිම දෙයක් අපි ගන්නෙ නැහැ.

ඒ නිසා අපේ රජය බෞද්ධ ආගම ආරක්ෂා කරන ගමන් අනිත් ආගම්වලට ඒ ගෞරවය ලබාදෙනවා.”

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධශාසන අමාත්‍යංශය එක්ව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ආරම්භ කළ බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය දකුණු පළාත් ස්වාමින්වහන්සේලාට ප‍්‍රදානය කිරිම සඳහා ඊයේ (15) මාතර, වැලිගම නගර ශාලාවේ පැවති උත්සවයට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස