සියලු නාළිකාවලට අමතක වූ ගෝඨාගේ උපන් දිනය TNL සමරයි! රට වෙනුවෙන් ගෝඨාගේ යුගමෙහෙවර අළලා නිපැයූ වීඩියෝව මෙන්න!

June 20, 2019 at 10:52 pm | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) සිය 70 වෙනි උපන් දිනය සැමරුවේය. එහෙත් රටේ බොහෝ රූපවාහිනී නාළිකා සහ මාධ්‍ය ආයතන කිසිවකට ඔහුගේ උපන් දිනය සිහිපත් වූයේ නැත.

කෙසේ වුවද TNL නාළිකාව හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙන්ම නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපන් දිනයට සුබ පැතීමට අමතක කළේ නැත.

ඒ සඳහා TNL රූපවාහිනිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවන ගමනේ පිය සටහන් සහ ඔහු මෙරට ඉතිහාසය වෙනස් කරන්නට ලබා දුන් සුවිශේෂ දායකත්වය අළලා කෙටි වීඩියෝවක් ද නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබිණි.

ඇතැම් මාධ්‍ය නාළිකා මාතෘ භූමිය වෙනුවෙන් තම යුතුකම නොපිරිහෙළා ඉටු කළ ගෝඨාභය රාජපක්ෂ නාමය අපකීර්තියට පත් කිරීම සඳහා අනේක මඩ අවලාද ප්‍රචාරය කරමින් ගුවන් කාලය කා දමන TNL නාළිකාව කෘතගුණ අමතක නොකිරීම පිළිබඳ කෘතඥ විය යුතුය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස