අද රටට ඕන රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් මිස පියාණන්ගේ නාමයෙන් රට පුරා පෝස්ටර් ගහන පෝස්ටර් මාරයෙක් නෙමෙයි! – ප්‍රසන්න රණතුංග

August 15, 2019 at 4:08 pm | by emanisa.lk

වසර පහක් ආපස්සට රැගෙන ගිය රටට උවමනා රට ඉදිරියට ගෙන යා හැකි නායකයකු මිස ගිනිපෙට්ටි ගෙවල් හදමින් සදාදරණීය පියාණන්ගේ නාමයෙන් රට පුරා පෝස්ටර් ගසන පෝස්ටර් මාරයකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.

වසර තිහක් පැරණි ගම්උදාවේ එල්ලී සිටින සජිත් ප්‍රේමදාස ඇමතිවරයා රට කාර්මික විප්ලවයක් කරා රැගෙන යාමට කතා කිරීම පුදුමයක් නොවන බව ද ඔහු පවසයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති රට සෝමාලියාවක් කළ සමහරු ඉන්න හිතෙන රටක් යැයි පෝස්ටර් ගසන බව සඳහන් කළ මන්ත්‍රීවරයා දැන් ඇත්තේ මුන් ඔක්කොම මරාගෙන මැරෙන්න හිතෙන්න රටක් යැයි රටක් යැයි ද සඳහන් කළේය.

අම්මා තාත්තා බස් දෙකක කොළඹ එන යුගය ආරම්භ වී ඇති බවත් අහස උසට ජනතාව මත බදු බර පටවා තුන් වේලක් කෑ ජනතාව වේල් දෙකට සීමාකර ඇති බවත් පැවසූ හෙතෙම එහෙව් රටේ යූඇන්පීකාරයන් ඉන්න හිතෙන රට යැයි පෝස්ටර් ගසන බව ද පෙන්වා දුන්නේය.

කෙසේ වුවද පසුගිය 11 වෙනිදා සුවහසක් ජනතා පැතුම් ඉටු කරමින් රට වෙනුවෙන් නොබියව පෙනී සිටින කොන්ද පණ ඇති නායකයකු තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබුණු බවත් ඔහු පෙන්වා දුන්නේය.

අපි කාගෙන් රට විනාශ කළේ එක්සත් ජාතික පක්ෂය බවත් සජිත් ජනාධිපතිවරණයට තරඟ කළොත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන්නේ 65%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා බව ද පැවසීය.

රට පුරා පෝස්ටර් ගසා උස මිටි බලා රස්සා ටිකක් දුන් පමණින් ජනාධිපති විය හැකි යැයි සජිත් ප්‍රේමදාස සිතුවත් ඔහු හැමදාමත් තමන්ගේ ආසනය ද පරාද බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහෙයින් සජිත් ප්‍රේමදාසට අවශ්‍ය නම් සදා ආසනෙත් පරාජිත ගම යැයි උදාගමක් තැනිය හැකි බවත් තම කඳවුර ජනාධිපතිවරණයට නම් කර ඇත්තේ අශ්වයකු නම් සජිත් ප්‍රේමදාස ගොළුබෙල්ලකු බව ද පැවසීය.

මිනුවන්ගොඩ පැවති උත්සව සභාවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස