අපි පාර්ලිමේන්තුවෙන් ලැබූ දැනුම විශ්වවිද්‍යාලයකින් ලබන්න බෑ! – ඇමති කිරිඇල්ල

August 5, 2019 at 9:50 am | by emanisa.lk

අමාත්‍ය සජිත් ප්‍රේමදාස වසර 20ක් පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබීම ජනාධිපති අපේක්ෂකයා වීමට ඔහු ලද ලොකුම සුදුසුකම බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාලයකින් ලබාගන්නා උපාධියකට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබා ගන්නා අත්දැකීම් වටිනා බවයි.

සජිත් ප්‍රේමදාස එංගලන්තයේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ඇති බවත් ඒ සියල්ලටම වඩා ඔහු පාර්ලිමේන්තුවේ වසර 20ක් සිටි සාමාජිකයෙකු ලෙස සිටීම වැදගත්ම සුදුසුකම බවත් හෙතෙම පවසයි.

“අපි පාර්ලිමේන්තුවෙන් ලබා ගත් දැනුම විශ්ව විද්‍යාලයකින් ලබා ගන්න බෑ. ආවාට ගියාට කට්ටිය තෝරගන්න බෑ. කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙලා හොඳ කෙනෙක් තෝර ගනියි.” යනුවෙන් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස