පක්ෂ හැදුවොත් අපි පාරේ ඇවිද්දනවා කියපු සිරිසේනට පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්න පුළුවන්ද? – රොෂාන් රණසිංහ

January 18, 2020 at 12:07 pm | by emanisa.lk

ජනාධිපතිව සිටියදී පොළොන්නරුවට සංවර්ධනය කරන්න බැරි වූ මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කුමක් කරන්නදැයි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ පවසයි.

ඊයේ (17) රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඔහු ඒ බව පැවසුවේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී වෙනම පක්ෂ හැදුවොත් අපිට පාරේ ඇවිද ඇවිද ඉන්න කටයුතු සලස්වන බව කී බවත් දැන් එතුමාට පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කරන්න සූදනෙම් බවත් ඔහු පවසයි..

එහෙම තරග කරන එක කෙතරම් සදාචාරාත්මක ද කියලා අපි මෛත්‍රීපාල සිරිසේනගෙන් අහනවා යැයිද රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස