සමගි බලවේගය තුළින්ම සජිත්ට එරෙහිව කැරැල්ලක්! කැරලි නායකයා පාඨලී රණවක!

June 13, 2020 at 10:08 pm | by emanisa.lk

මේ වන විට සමගි ජන බලවේගය තුළ එහි නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව දැවැන්ත කැරැල්ලක් මතුව ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මෙම කැරැල්ල සඳහා නායකත්වය ලබා දෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක බව හෙතෙම අනාවරණය කරයි.

එසේම සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායක මංගල සමරවීර මැතිවරණ සටනින් ඉවත් වී ඇති බවත් ඊට හේතුව සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකාරීත්වය බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස