අද රටේ ප්‍රමුඛ අවශ්‍යතාව ගල්කිස්සේ වෙරළ ගොඩකිරීමද? – සජිත්

June 1, 2020 at 10:07 am | by emanisa.lk

මේ මොහොතේ රටේ ප්‍රමුඛ අවශ්‍යතාව ගල්කිස්ස වෙරළ තීරය ගොඩකර මාර්ග තැනීමද, එසේත් නොමැති නම් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවට සහන ලබාදීමදැයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරයි.

“ලෝකයේ අනෙකුත් රටවල් සියල්ලක්ම අපේ රටට වැඩියෙන් මූල්‍ය සහන විපතට පත් ජනතාවට ලබාදෙනවා. ඇයි අපේ රටට මේ දේ කරන්නට බැරි? මොකද්ද රටේ ප්‍රමුඛතාව? පොදුජනතාව ජීවත් කරවීම නොවෙයිද?

ගල්කිස්ස වෙරළතීරය ගොඩකරලා මාර්ග තැනීමද රටේ ප්‍රමුඛතාවය? ඒ උදෙසා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වැයකිරීමද මේ මොහොතේ රටේ අවශ්‍යතාව? ලොක්ඩවුන් එකට යටවෙලා, ඇඳිරි නීතියට යටවෙලා අධිවේගී මාර්ග ඉදිකිරීමේ ගිවිසුම් අත්සන් කරනවා, පාරවල් ඉදිකිරීමේ ගිවිසුම් අත්සන් කරනවා. මේ ඔක්කොම ණය ව්‍යාපෘති. රටේ ජනතාව තවදුරටත් ණයකරුවන් බවට පත්කරන වැඩසටහන්.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (31) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

කෙසේ වුවද මෙම ව්‍යාපෘතිය පසුගිය එජාප ආණ්ඩුව යටතේ අමාත්‍ය පාඨලී චම්පක රණවකගේ මෙගාපොලිස් අමාත්‍යංශය මගින් ආරම්භ කළ ව්‍යෘාපෘතියකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස