පහුගිය අවුරුදු පහේ ඇති කළ සංවර්ධනය ඉදිරි අවුරුදු පහේ රැකගන්න ඕන! තව අවුරුදු විස්සක් මේ රට පාලනය කරන්නේ එජාපයයි! – අගමැති

October 1, 2019 at 9:20 am | by emanisa.lk

ඉදිරි තීරණාත්මක ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් තව අවුරුදු 20කට එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඉවත් කිරීමට බැරි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන්ගේ හමුවේදීය.

ගෙවුණු වසර පහක කාලය තුළ සංවර්ධනය දෙස බලා තවදුරටත් ආණ්ඩුව ආරක්ෂා කර ගත යුතු අතර ඉදිරි වසර පහේදීත් මේ සංවර්ධනයේ ප්‍රථිපල අත්පත් කරගත් පසු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව වෙනස් කිරීමේ හැකියාවක් කිසිවෙකුටත් නොමැති බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය එජාපයට තීරණාත්මක සටනක් බව ඔහු අවධාරණය කළ අතර ආණ්ඩුව පසුගිය කාලය තුළ සියලුම කටයුතු සිදුකළේ ඒකාධිපතිවාදය යටත්යේ නොව ප්‍රජාතන්ත්‍රවාදය යටතේ බව ද වැඩිදුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස