මැතිවරණ නීතියට පටහැනිව රනිල් ලබා දුන් පත්වීම් 7500ක් මැකො නවතයි!

September 25, 2019 at 12:30 pm | by emanisa.lk

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය මගින් ලබා දී තිබූ පුහුණු ව්‍යාපෘති සහයක තනතුරු 7500 කට පුද්ගලයින් බඳවා ගැනීම මැතිවරණ කොමිසමේ නියෝගයකින් ඊයේ (24) නතර කෙරිණි.

රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර මෙම පුහුණු ව්‍යාපෘති සහයකවරුන් බඳවා ගෙන තිබූ අතර ඔවුන්ට අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝතිගේ අත්සනින් යුතුව ඉකුත් 16 වැනිදා පත්වීම් ලිපි නිකුත් කර තිබිණි.

එම පත්වීම්ලාභීහු අද (24) දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ගොස් රාජකාරී බාර ගැනීමට සුදානම් වූ අවස්ථාවේ මැතිවරණ කොමිසම නියෝග කර ඇත්තේ ඔවුන් රාජකාරියට බඳවා නොගන්නා ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස