ගමේ ප්‍රධානත්වය සුළුතර පිරිමින්ට හිමි වීම බහුතර කාන්තාවන්ට අසාධාරණයක්! කාන්තාවන් බලවත් කිරීමට අපි තවත් පියවර ගන්නවා! – අගමැති තවත් සුළුතර බහුතර ප්‍රශ්නයක් විසඳයි….

March 28, 2019 at 8:11 am | by admin

රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (26) අරලියගහ මන්දිරයේ පැවැති “ධනාභීමානි” කාන්තා උත්සවයක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා මෙසේ පැවසීය.

“ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය එදා පියවර ගත් අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඊට විරුද්ධ වුණා. අද වනවිට කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කර ගැනීමට හැකි වී තිබෙනා. එය කාන්තාවන් ලැබූ විශාල ජයග්‍රහණයක්.”

“ආණ්ඩුවක් වශයෙන් කාන්තාවන්ට බලය ලබාදීම සඳහා වැඩිම වැඩි ප්‍රමාණයක් කළේ අපේ ආණ්ඩුව විසින්. ඒ අපේ ප්‍රතිපත්තියයි. මේ රටේ ජනගහනයෙන් බහුතරයක් කාන්තාවන්. එවිට ගම් මට්ටමින් ද බහුතරයක් හා සුළුතරය අතර වෙනසක් තිබෙනවා.”

“ව්‍යාපාර පවත්වාගෙන යාමට වඩා පහසු වන්නේ පිරිමි පාර්ශවයටයි. එසේම අධ්‍යාපන සුදුසුකම් හා රැකියා ලබාගැනීමට ද වඩාත් පහසු පිරිමි පාර්ශවයටයි. ගමේ ප්‍රධාන ස්ථානය හිමිවන්නේ ද පිරිමි පාර්ශවටයි. නමුත් අද අප රටේ බහුතරය කාන්තාවන්. කාන්තාවන් සහ පිරිමින් අතර පවතින මෙම වෙනස පිළිබඳව අපේ අවධානය යොමු කළා. ඊට හේතුව මෙය දිගින් දිගටම පැවතුනහොත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු වීමයි. එබැවින් බහුතර කාන්තාවන් එක් කර ගනිමින් අපේ ඉදිරි ගමන යා යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස